රඹුටන් රසවත් පලතුරක් පමණක් නොව, එය ශරීරයට හිතකර පෝෂ්‍ය පදාර්ථ රැසකින් සමන්විත පලතුරකි.
විටමින් C මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි, සම නිරෝගී කරයි.
තන්තු (Fiber) ආහාර ජීර්ණය පහසු කරයි, මලබද්ධය වළක්වයි.
යකඩ සහ තඹ රුධිර සංසරණය ක්‍රමවත් කිරීමට සහ රක්තහීනතාවය වැළැක්වීමට උදවු වේ.
ප්‍රතිඔක්සිකාරක ශරීරයේ සෛල විනාශ වීම වළක්වා ලෙඩ රෝගවලින් ආරක්ෂා කරයි.
රඹුටන් වල ජල ප්‍රතිශතය ඉහළ බැවින්, පවතින උණුසුම් කාලගුණයෙන් ශරීරය විජලනය වීම වැළැක්වීමට මෙය කදිම පලතුරකි.
ආහාරයට ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
රඹුටන් අධික ලෙස පැණිරස පලතුරක් බැවින් දියවැඩියා රෝගීන් මෙය සීමා සහිතව ආහාරයට ගත යුතුය.
බොහෝ දෙනෙක් රඹුටන් කන විට නොදැනුවත්වම ඇටයද සැපීමට හෝ ගිලීමට පෙළඹෙනවා. රඹුටන් ඇටයේ saponins සහ tannins වැනි රසායනික සංයෝග අඩංගුයි.
රඹුටන් ඇට අමුවෙන් සපා කෑමෙන් හෝ විශාල වශයෙන් ශරීරගත වීමෙන් බඩවැල්වල ප්‍රදාහයන්, වමනය සහ හිසරදය වැනි විෂ වීම් තත්ත්වයන් ඇති විය හැකිය.
අධික ලෙස සිසිල් ගුණයෙන් යුක්ත නිසා සෙම් අධික පුද්ගලයන්ට සහ කුඩා දරුවන්ට එක දිගට රඹුටන් කෑමෙන් කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හෝ උගුර බැරෑන්ඩි වීම වැනි තත්ත්වයන් මතු වෙන්න පුළුවන්.
නිරා
Life with Nira